Node.js සිංහලෙන් ඉගෙන ගමු - හැඳින්වීම



    අපි මුලින්ම Node.js ගැන ඉගෙන ගන්න කලින් බලමු කොහොමද අපි භාවිතා කරන websites ක්‍රියාත්මක වෙන්නේ කියල. website එකක් නිර්මාණය කරනවිට අපට වැඩිපුරම හමුවන වචන දෙක තමයි front-end සහ back-end. මොකක්ද මේ front-end එක කියන්නේ? සරලව කියනවනම් website එකක එය භාවිතා කරන්නන්ට පෙනෙන්නට ඇති සියලුම දේවල් අයත් වෙන්නේ website එකේ front-end එකට. උදාහරණයක් විදියට වෙබ් පිටු සලකන්න පුලුවන්. ඊට අමතරව වෙබ් පිටු වල හැසිරීම (behavior) එක තීරණය කරන JavaScript සහ වෙබ් පිටු අලංකාර කිරීමට භාවිතා කරන CSS ද අයත් වෙන්නෙ front-end එකට. මේ front-end එක නිර්මාණය කිරීමට client side development කියල කියනව. දැන් අපි බලමු back-end එක කියන්නෙ මොකක්ද කියල. බොහෝ වෙලාවට අපි වෙබ් පිටුවක තිබෙන link එකක් click කල විට එයට අදාල අලුත් වෙබ් පිටුවක් open වෙනව. එහෙමත් නැත්නම් වෙබ් පිටුවේ තිබෙන අන්තර්ගතය වෙනස් වෙනව. මෙන්න මේ වගේ web site එක පාලනය කරන එක කරන්නෙ back-end එකන් තමයි. උදාහරණයක් විදියට ගත්තොත් Facebook එකේ අපේ profile link එක click කල විට අපේ profile එක වෙන්වන එකත් කිසියම් post එකකට comment කලවිට එම ස්ථානයේම අපගේ comment එක පෙන්වන එක සලකන්න පුලුවන්. ඉතින් මේ විදියට web site එක පාලනය කරන එක යාවත්කාලින(update) කරන එක web site එකේ ඇති දත්ත, දත්ත ගොනු(database) වල තන්පන් කරන එක වගේ web site එකෙක ක්‍රියාකාරිත්වය පාලනය කරන්නේ back-end එකෙන්. මේ back-end එක නිර්මාණය කිරීමට server side development කියල කියනවා.

    server side development සඳහා පරිගණක භාෂා රාශියක් භාවිතා කිරීමේ හැකියාව අපිට තිබෙනවා. ඒ අතරින් PHP, Java, .NET, Python වැනි භාෂාවන් විශේෂයි. මේ අතරින් තවත් එක් භාෂාවක් තමයි JavaScript කියන්නෙ. එය අද ලෝකයේ තිබෙන ජනප්‍රියම භාෂා අතරින් එකක්. ඉතින් මේ Node.js කියන්නෙ JavaScript වලින් server side develop කරන්න පහසුකම් සලසා දෙන පසුබිම් මෙවලමක්(runtime environment). Node.js ගොඩනැගිල තිබෙන්නෙ Google Chrome web browser එකේ තිබෙන V8 කියන JavaScript Engine එක පදනම් කරගෙන. එම නිසා Node.js ගොඩක් වේගවත්.ඒ වගේම Node.js ක්‍රියාත්මක වන විට CPU  එකේ එක thread එකක් පමණයි භාවිතා වෙන්නෙ. මෙහි වාසි වගේම අවාසිත් තිබෙනව. ඒ වගේම Node.js, non-blocking I/O module එකක් තමයි භාවිතා කරන්නෙ. එහෙමත් නැත්නම් Node.js වලින් සාදන ලද යෙදවුමක ආදාන ප්‍රතිදාන සිදුවන විට යෙදවුම ක්‍රියාත්මක වන thread එක block වීමක් සිදුවන්නෙ නෑ. ආදාන ප්‍රතිදාන සිදුවෙන්නෙ අසමමුහුර්ත(asynchronous) විදියට. එහෙමත් නැත්නම් යෙදවුම ක්‍රියාත්මක වන thread එකට සමගාමිව. මෙන්න මේ නිසා තමයි ක්‍රියාත්මක වන thread එක block වීමක් සිදු නොවෙන්නෙ. තවද Node.js භාවිතා කරන්නෙ event driven කියන ක්‍රම වේදය. සරලවම කියනවනම් Node.js යෙදවුම් කිසියම් සිදුවීමකට(event) තමයි ප්‍රතිචාර දක්වන්නෙ.



    ඉතින් මෙන්න මේ කියන දේවල් නිසා තමයි Node.js විශේෂ වන්නෙ. ඒ වගේම අද ලෝකයේ තිබෙන විශාල ආයතන Node.js භාවිත කරනව. ඒ අතරින් Microsoft, eBay, PayPal, Uber වැනි ආයතන විශේෂයි. ඉතින් Node.js වලින් server side development කරන්නෙ කොහොමද කියල ඉදිරි ලිපි වලින් ඉගෙන ගමු.

වැඩි දුරටත් කියවන්න:


නිලුපුල් සංදීප 20-12-2016

Comments

Post a Comment

Popular posts from this blog