Node.js සිංහලෙන් ඉගෙන ගමු - පාඩම් මාලාව 1



අපි Node.js වලින් server එකක් හදන්න කලින් මුලික දේවල් කිහිපයක් ඉගෙන ගනිමු.

1) Console.log()

          > මුලින්ම text editor එක open කර console.log("Hello"); ලෙස type කර එම file එක first.js ලෙස save කරගන්න.

          > පසුව ඔබ file එක save කරගත් ස්ථානයේ Command Prompt/Terminal එක open කර node first ලෙස type කර enter කරන්න.

          > එවිට Hello ලෙස Command Prompt/Terminal එකේ සටහන් වේවි.

          මේ Console.log() එකෙන් කරන්නෙ Console එකේ යම් පණිවිඩයක් සටහන් කරන එක. මේ function එක server එකක් හදන විට ගොඩක් වැදගත් වෙනව. ඒ මොකටද කියනවනම් අපි හදන server එකේ ඇතිවන ප්‍රශ්න නිරාකරණය කරගන්න එහෙමත් නැත්නම් code එක debug කරන්න මේක ගොඩක් වැදගත්. අපි ලියපු code එකක් අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් code එකේ වරදක් සිදුවෙ යැයි සිතෙන ස්ථාන වල Console.log() භාවිතා කිරීමෙන් අපිට පුළුවන් එම ස්ථානයේදී කිසියම් විචල්‍යයක (variable) අගය මොකක්ද කියල. එයින් code එකේ ඇති වැරදි හදුනාගැනීම පහසු වෙනවා.
          ඒ වගේම server එකේ සිදුවන සිදුවීම් එහෙමත් නැත්නම් events මොනවද කියල දැනගන්න Console.log() කියන එක ඉතා පහසු ක්‍රමයක්. උදාහරණයක් විදියට user request කරන url එක මොකක්ද, user ගේ IP Address එක මොකක්ද කියන දේවල් වගේ විස්තර බලාගන්න Console.log() භාවිතා කරන්න පුළුවන්.


2) Variables

          > කලින් හදාගත් first.js file එක පහත විදියට වෙනස් කරන්න.

                    var x = 10;
                    var y = "Node.js";
                    console.log(x);
                    console.log(y);


          > file එක save කර පෙර පරිදිම run කර බලන්න.

          > එවිට 10 සහ Node.js පේලි දෙකක සටහන් වේවි.

          > නැවතත් code එක පහත පරිදි වෙනස් කරන්න.

                    var x = 10;
                    var y = "Node.js";
                    console.log(typeof(x));
                    console.log(typeof(y));


          > file එක save කර පෙර පරිදිම run කර බලන්න.

          > එවිට integer සහ string ලෙස සටහන් වේවි.

          javascript වල තිබෙන විශේෂත්වය තමයි විචල්‍යයයක් (variable) හදුන්වා දෙන්න (define) එහි type එක අවශ්‍ය වෙන්නෙ නෑ. ඕනෑම විචල්‍යයක් හදුන්වා දෙන්න භාවිතා කරන්නෙ var කියන keyword එක. විචල්‍යයයට ආදේශ කරන අගය අනුව විචල්‍යයයේ type එක තීරණය වෙනව.  typeof function එක භාවිතා කිරීමෙන් අපිට ඒක තවත් තහවුරු උනා. එහිදී x ට ආදේශ කර තිබුන 10 පුර්ණ සංක්‍යාවක් (integer) ලෙස හදුනාගෙන තිබුන. ඒ වගේම y ට ආදේශ කර තිබුන "Node.js" අකුරු පේලියක් (string) එකක් විදියට හදුනාගෙන තිබුන. මේ විදියට var කියන keyword එක භාවිතා කරල තමයි javascript වල variable එකක් නිර්මාණය කරන්නෙ.
          දැන් අපි බලමු කොහොමද object එකක් නිර්ණමය කරන්නේ කියල. වෙනත් object orianted language වගේම javascript object එකකත් attributes වගේම behaviours තිබෙනවා.

          > මුලින්ම අලුත් js file එකක් හදාගෙන පහත code එක ඇතුලත් කරන්න.

                    var user_obj = {
                         fname: "Nilupul",
                         lname: "Sandeepa",
                         age: 22
                    }
                    console.log(user_obj);


          > file එක save කර පෙර පරිදිම run කර බලන්න.

          > එවිට පහත ආකාරයේ output එකක් දකින්න පුළුවන් වේවි.

                    {fname: "Nilupul", lname: "Sandeepa", age: 22}

          > දැන් code එක පහත පරිදි වෙනස් කරන්න.

                    var user_obj = {
                         fname: "Nilupul",
                         lname: "Sandeepa",
                         age: 22
                    }
                    console.log(user_obj.fname);
                    console.log(user_obj.lname);
                    console.log(uesr_obj.age);


          > පෙර පරිදිම file එක save කර run කර බලන්න.

          > එවිට පහත පරිදි output එක දකින්න පුළුවන් වේවි.

                    Nilupul
                    Sandeepa
                    22
          javascript object එකේ attributes ලෙස fname, lname සහ age කියන තුන හදුන්වන්න පුළුවන්. පලවෙනි code එකෙන් අපි දැක්ක අපිට object එක එකවර භාවිතා කරන්නෙ කොහොමද කියල. ඒක ඉතාමත් වැදගත් වෙනව. මොකද අපේ server එකෙන් user ගේ request එකකට JSON එකක් response එක විදියට යවන්න අවශ්‍යය නම් අපිට javascript object එකක් නිර්මාණය කරල object එක එකවර JSON එකක් බවට පරිවතනය කරන්න පුළුවන්. JSON (javascript object notation) එකක් කියන්නේ දත්ත හුවමාරු කරගන්න තිබෙන එක ක්‍රමයක්. මේගැන අපි පසුවට දැනගනිමු.
          ඒ වගේම දෙවෙනි code එකෙන් අපි දැක්ක කොහොමද object එකේ තිබෙන attributes වෙන වෙනම access කරන්නෙ කියල. දැන් අපි බලමු object එකකට behaviour එකක් ලබා දෙන්නෙ කොහොමද
කියල.

          > code එක පහත පරිදි වෙනස් කරන්න.
                    var user_obj = {
                         fname: "Nilupul",
                         lname: "Sandeepa",
                         age: 22,
                         getName: function() {
                              return this.fname + ' ' + this.lname;
                         }
                    }
                    console.log(user_obj.getName());


          > එවිට පහත පරිදි output එක දකින්න පුළුවන් වේවි.

                    Nilupul Sandeepa

          getName කියන function එක object එකේ behaviour එකක්. මේ විදියට අපිට අවශ්‍ය විදියට object එකට behaviours එකතු කරගන්න පුළුවන්. object එකේ attributes එකින් එක access කරන එක අපහසු දෙයක් නිසා මේ විදියට behaviour එකක් එකතු කරගෙන attributes access කරන එක පහසු කරගන්න පුළුවන්.

3) Functions

          > අලුත් js file එකක් හදාගෙන පහත code එක ඇතුලත් කරන්න.

                    function printMe() {
                         console.log("Me Printed");
                    }
                    printMe();


          > code එක save කර run කරන්න.

          > එවිට පහත පරිදි output එක දකින්න පුළුවන් වේවි.

                    Me Printed

          printMe කියන්නෙ javascript වල තිබෙන function එකක්.  අපිට අවශ්‍ය කරන statements මේ විදියට function එකක් ඇතුලට දාල එය අවශ්‍ය තැන්වලදී call කරගන්න අපිට පුළුවන්. function define කරන එකෙන් එකම code එක නැවත නැවත ලියන එක වලක්වා ගන්න පුළුවන්.

          > දැන් code එක පහත පරිදි වෙනස් කරන්න.

                    function printMe() {
                         console.log("Me Printed");
                         printNext();
                    }
                    function printNext() {
                         console.log("Next Printed");
                    }
                    printMe();


          > code එක save කර run කරන්න.

          > එවිට පහත පරිදි output එක දැක ගන්න පුළුවන්.

                    Me Printed
                    Next Printed

          මෙන්න මේ විදියට function එකක් ඇතුලේ තවත් function එකක් විදියට function chain එකක් උනත් අපිට භාවිතා කරන්න පුළුවන්.

          ඊළඟ පාඩමෙන් අපි බලමු කොහොමද basic server එකක් හදා ගන්නෙ කියල.

Comments

Popular posts from this blog