Node.js සිංහලෙන් ඉගෙන ගමු - ස්ථාපිත කිරීම
1. මුලින්ම nodejs.org වෙබ් අඩවියට යන්න.
2.1 තමන්ගේ පරිගණකයේ මෙහෙයුම් පද්දතිය Windows නම් අදාල setup එක download කර install කරගන්න.
2.2 පසුව command prompt එකේ node -v සහ npm -v ලෙස run කර Node.js install වී ඇත්දැයි පරික්ෂා කරන්න.
3.1 තමන්ගේ පරිගණකයේ මෙහෙයුම් පද්දතිය Ubuntu නම් අදාල Binary file එක download කර එය පරිගණකයේ Node.js install වියයුතු ස්ථානයට extract කරගන්න.
3.2 පසුව environment variable එක සැකසීමට පහත command එක terminal එකේ run කරන්න.
sudo -H gedit /etc/environment
3.3 එහි PATH එකට Node.js extract කරගත් folder එකේ bin folder එකේ path එක එකතු කරන්න.
3.4 පසුව Logout නැවතත් Login වී terminal එකේ node -v සහ npm -v ලෙස run කර Node.js install වී ඇත්දැයි පරික්ෂා කරන්න.
4. මීට අමතරව Source Code එක භාවිතයෙන්ද Node.js install කරගත හැක. ඒ සඳහා Source Code එක download කර එහි building.md file එකේ ඇති උපදෙස් පිළිපදින්න.
5. Node.js සාර්ථකව install වුවාට පසු command prompt එකේ හෝ terminal එකේ node ලෙස run කර පහත script එක run කරන්න.
console.log("Hello World");
6. Hello World ලෙස console එකේ print වුවා නම් ඔබ සාර්ථකව Node.js install කර ඇත.
ඉදිරි ලිපි වලදී Node.js වලින් යෙදවුම් නිර්මාණය කරන ආකාරය සාකච්ඡා කරමු.
නිලුපුල් සංදීප 21-12-2016




Comments
Post a Comment