Posts

Showing posts from December, 2016

Node.js සිංහලෙන් ඉගෙන ගමු - පාඩම් මාලාව 1

Image
අපි Node.js වලින් server එකක් හදන්න කලින් මුලික දේවල් කිහිපයක් ඉගෙන ගනිමු. 1) Console.log()           > මුලින්ම text editor එක open කර console.log("Hello"); ලෙස type කර එම file එක first.js ලෙස save කරගන්න.           > පසුව ඔබ file එක save කරගත් ස්ථානයේ Command Prompt/Terminal එක open කර node first ලෙස type කර enter කරන්න.           > එවිට Hello ලෙස Command Prompt/Terminal එකේ සටහන් වේවි.           මේ Console.log() එකෙන් කරන්නෙ Console එකේ යම් පණිවිඩයක් සටහන් කරන එක. මේ function එක server එකක් හදන විට ගොඩක් වැදගත් වෙනව. ඒ මොකටද කියනවනම් අපි හදන server එකේ ඇතිවන ප්‍රශ්න නිරාකරණය කරගන්න එහෙමත් නැත්නම් code එක debug කරන්න මේක ගොඩක් වැදගත්. අපි ලියපු code එකක් අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් code එකේ වරදක් සිදුවෙ යැයි සිතෙන ස්ථාන වල Console.log() භාවිතා කිරීමෙන් අපිට පුළුවන් එම ස්ථානයේදී කිසියම් විචල්‍යයක (variable) අගය මොකක්ද කියල. එයින් code එකේ ඇති වැරදි හදුනාගැනීම ප...

Node.js සිංහලෙන් ඉගෙන ගමු - ස්ථාපිත කිරීම

Image
අපි බලමු  කොහොමද Node.js පරිගණකයේ install කරන්නෙ කියල. 1. මුලින්ම nodejs.org වෙබ් අඩවියට යන්න. 2.1 තමන්ගේ පරිගණකයේ මෙහෙයුම් පද්දතිය Windows නම් අදාල setup එක download කර install කරගන්න. 2.2 පසුව command prompt එකේ node -v සහ npm -v ලෙස run කර Node.js install වී ඇත්දැයි පරික්ෂා කරන්න.

Node.js සිංහලෙන් ඉගෙන ගමු - හැඳින්වීම

Image
     අපි මුලින්ම Node.js ගැන ඉගෙන ගන්න කලින් බලමු කොහොමද අපි භාවිතා කරන websites ක්‍රියාත්මක වෙන්නේ කියල. website එකක් නිර්මාණය කරනවිට අපට වැඩිපුරම හමුවන වචන දෙක තමයි front-end සහ back-end. මොකක්ද මේ front-end එක කියන්නේ? සරලව කියනවනම් website එකක එය භාවිතා කරන්නන්ට පෙනෙන්නට ඇති සියලුම දේවල් අයත් වෙන්නේ website එකේ front-end එකට. උදාහරණයක් විදියට වෙබ් පිටු සලකන්න පුලුවන්. ඊට අමතරව වෙබ් පිටු වල හැසිරීම (behavior) එක තීරණය කරන JavaScript සහ වෙබ් පිටු අලංකාර කිරීමට භාවිතා කරන CSS ද අයත් වෙන්නෙ front-end එකට. මේ front-end එක නිර්මාණය කිරීමට client side development කියල කියනව. දැන් අපි බලමු back-end එක කියන්නෙ මොකක්ද කියල. බොහෝ වෙලාවට අපි වෙබ් පිටුවක තිබෙන link එකක් click කල විට එයට අදාල අලුත් වෙබ් පිටුවක් open වෙනව. එහෙමත් නැත්නම් වෙබ් පිටුවේ තිබෙන අන්තර්ගතය වෙනස් වෙනව. මෙන්න මේ වගේ web site එක පාලනය කරන එක කරන්නෙ back-end එකන් තමයි. උදාහරණයක් විදියට ගත්තොත් Facebook එකේ අපේ profile link එක click කල විට අපේ profile එක වෙන්වන එකත් කිසියම් post එකකට comment කලවිට එම ස්ථානයේම අප...