Node.js සිංහල පාඩම් මාලාව



Node.js සිංහලෙන් ඉගෙන ගමු - හැඳින්වීම

අපි මුලින්ම Node.js ගැන ඉගෙන ගන්න කලින් බලමු කොහොමද අපි භාවිතා කරන websites ක්‍රියාත්මක වෙන්නේ කියල. website එකක් නිර්මාණය කරනවිට අපට වැඩිපුරම හමුවන වචන දෙක තමයි front-end සහ back-end. මොකක්ද මේ front-end එක කියන්නේ? සරලව කියනවනම් website එකක එය භාවිතා කරන්නන්ට පෙනෙන්නට ඇති සියලුම දේවල් අයත් වෙන්නේ website එකේ front-end එකට. උදාහරණයක් විදියට වෙබ් පිටු සලකන්න පුලුවන්. ඊට අමතරව වෙබ් පිටු වල හැසිරීම (behavior) එක තීරණය කරන JavaScript සහ වෙබ් පිටු අලංකාර කිරීමට භාවිතා කරන CSS ද අයත් වෙන්නෙ front-end එකට. මේ front-end එක නිර්මාණය කිරීමට client side development කියල කියනව. දැන් අපි බලමු back-end එක කියන්නෙ මොකක්ද කියල...




Node.js සිංහලෙන් ඉගෙන ගමු - ස්ථාපිත කිරීම

අපි බලමු  කොහොමද Node.js පරිගණකයේ install කරන්නෙ කියල.

1. මුලින්ම nodejs.org වෙබ් අඩවියට යන්න.



2.1 තමන්ගේ පරිගණකයේ මෙහෙයුම් පද්දතිය Windows නම් අදාල setup එක download කර install කරගන්න...




Node.js සිංහලෙන් ඉගෙන ගමු - පාඩම් මාලාව 1

අපි Node.js වලින් server එකක් හදන්න කලින් මුලික දේවල් කිහිපයක් ඉගෙන ගනිමු.

1) Console.log()

          > මුලින්ම text editor එක open කර console.log("Hello"); ලෙස type කර එම file එක first.js ලෙස save කරගන්න.

          > පසුව ඔබ file එක save කරගත් ස්ථානයේ Command Prompt/Terminal එක open කර node first ලෙස type කර enter කරන්න.

          > එවිට Hello ලෙස Command Prompt/Terminal එකේ සටහන් වේවි...




Node.js සිංහලෙන් ඉගෙන ගමු - පාඩම් මාලාව 2

අපි බලමු කොහොමද basic server එකක් හදා ගන්නේ කියල. Node.js වල තිබෙන http module එක භාවිතා කරල තමයි අපි server එක config කරගන්නෙ. ඒ සඳහා මුලින්ම අලුත් server.js file එකක් open කරගන්න. දැන් අපි කරන්න ඕන http module එක අපේ file එකේ භාවිතා කරන්න පුලුවන් විදියට import කරගන්න එක...




Node.js සිංහලෙන් ඉගෙන ගමු - පාඩම් මාලාව 3

මේ පාඩමෙන් අපි බලමු කොහොමද server එකට එන GET request handle කරන්නෙ කියල. මුලින්ම දැනගතයුතු දෙයක් තමයි කිසිම Framework එකක් එහෙමත් නැත්නම් වෙන කෙනෙක් ලබාදීපු මෙවලමක් භාවිතා නොකර මේ server එකට එන request තමන්ටම handle කරන්න පුලුවන්. නමුත් මේ සදහා ඉතාමත් වෙහෙසක් දැරිය යුතු වෙන්ව. මේක අපේ කාලයත් අපතේ යැවීමක්. කියමනකුත් තියෙනවනේ Don't reinvent the wheel, just realign it කියල...




Node.js සිංහලෙන් ඉගෙන ගමු - පාඩම් මාලාව 4

මේ පාඩමෙන් අපි බලමු කොහොමද server එකට එන POST request handle කරන්නෙ කියල. සාමාන්‍යයෙන් අපි Website එකක Form එකක් පුරවන විට ඒ පුරවන දත්ත Server එකට යවන්න භාවිතා කරන Method එක තමයි POST Method එක. මෙහිදී ඇති වාසිය තමයි අපි පුරවන ලද දත්ත අපේ පරිගණකයේ සිට Server එකට යන අතර මගදී වෙනත් කිසි කෙනෙකුට බලා ගනීමට නොහැකි වීම...




Node.js සිංහලෙන් ඉගෙන ගමු - පාඩම් මාලාව 5

අපි පසුගිය පාඩම් දෙකෙන් GET Request හා POST Request Handle කරන්නෙ කොහොමද කියල ඉගෙන ගත්තා. මේ පාඩමෙන් අපි බලමු ඒ ඉගෙන ගත් කරුණු භාවිතයෙන් සරල Website එකක් Node.js backend එකක් සමග නිර්මාණය කරගන්නෙ කොහොමද කියලා...




Node.js සිංහලෙන් ඉගෙන ගමු - පාඩම් මාලාව 6

මෙම පාඩමෙන් අපේ Website එකේ Registration හා Login ක්‍රියාවලිය සකසා ගමු. මේ සදහා පළමුව ArticlesPage.html නමින් Webpage එකක් public Folder එක තුල සකසාගමු. User කෙනෙක් Website එකට Log වීමෙන් අනතුරුව ArticlesPage.html එක පෙන්වීම සිදුවේ.එම සකසාගත් ArticlesPage.html Webpage එකට පහත Code එක අතුලත් කරන්න. මෙහිදී කිසිවක් සිදුනොවන අතර, Articles ලෙස Webpage එකෙහි Title එක පමනක් පෙන්වයි...




Node.js සිංහලෙන් ඉගෙන ගමු - පාඩම් මාලාව 7

අපගේ Dummy Website එකෙහි ArticlesPage.html එකෙහි ක්‍රියාකාරීත්වය මෙම පාඩමෙන් සාදාගමු...





Popular posts from this blog