Node.js සිංහලෙන් ඉගෙන ගමු - පාඩම් මාලාව 1
අපි Node.js වලින් server එකක් හදන්න කලින් මුලික දේවල් කිහිපයක් ඉගෙන ගනිමු. 1) Console.log() > මුලින්ම text editor එක open කර console.log("Hello"); ලෙස type කර එම file එක first.js ලෙස save කරගන්න. > පසුව ඔබ file එක save කරගත් ස්ථානයේ Command Prompt/Terminal එක open කර node first ලෙස type කර enter කරන්න. > එවිට Hello ලෙස Command Prompt/Terminal එකේ සටහන් වේවි. මේ Console.log() එකෙන් කරන්නෙ Console එකේ යම් පණිවිඩයක් සටහන් කරන එක. මේ function එක server එකක් හදන විට ගොඩක් වැදගත් වෙනව. ඒ මොකටද කියනවනම් අපි හදන server එකේ ඇතිවන ප්‍රශ්න නිරාකරණය කරගන්න එහෙමත් නැත්නම් code එක debug කරන්න මේක ගොඩක් වැදගත්. අපි ලියපු code එකක් අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් code එකේ වරදක් සිදුවෙ යැයි සිතෙන ස්ථාන වල Console.log() භාවිතා කිරීමෙන් අපිට පුළුවන් එම ස්ථානයේදී කිසියම් විචල්‍යයක (variable) අගය මොකක්ද කියල. එයින් code එකේ ඇති වැරදි හදුනාගැනීම ප...